ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමන බව නිවේදනය කරයි

ලෝක බලශක්ති සැපයුමෙන් 20%ක් රැගෙන යන හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම යාත්‍රා සඳහා වසා දැමූ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අද (මාර්තු 27) නිල වශයෙන් ප්‍රකාශ කළේය. එක්සත් ජනපද – ඊශ්‍රායල සන්ධානය සමඟ පවතින උග්‍ර ගැටුම් හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, නියෝග උල්ලංඝනය කරන යාත්‍රාවලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවට ද ඉරානය අනතුරු අඟවයි.

Share This