ඉරානය යුදමය වශයෙන් පරාජය කර අවසන් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සමග පැවැති යුදමය තත්වය තමන් ඇතුළු සමස්ත ඇමරිකාව ජයග්‍රහණය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අවධාරණය කරනවා

ඉරානය මිලිටරිමය වශයෙන් අවසන් කර ඇති බවත් ඉරාන නාවුක සහ ගුවන් හමුදා බලය සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

මේ අතර  අමෙරිකාව සහ ඉරානය අතර දැනටමත් මූලික මට්ටමේ සාකච්ඡා සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පර්සියානු ගල්ෆ් කලාපයේ රටවලට සහ ඊශ්‍රායලයට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේත්, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හමුවේත්, සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව, පාකිස්ථානය සහ තුර්කිය මැදිහත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Share This