ඉරානයේ නව උත්තරීතර නායකයා පුටින්ගේ ආරක්‍ෂිත මාළිගයක!

ඉරානයේ නව උත්තරීතර නායකයා වූ මොජ්තබා කාමේනෙයි (Mojtaba Khamenei) පාදයේ ශල්‍යකර්මයක් සඳහා මොස්කව් නගරයට ගෙන ගොස් ඇති බව වාර්තා වේ. එය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් “පෞද්ගලිකවම ඉදිරිපත් කළ” බව කියැවෙන බව කුවේට් පුවත්පතක් වන Al-Jarida පවසයි.

මෙම තුවාල සිදුවී ඇති බව කියැවෙන්නේ පෙබරවාරි 28 වනදා ටෙහෙරාන් නගරයට එරෙහිව සිදු වූ ආරම්භක ඇමරිකානු-ඉස්රායෙල් ප්‍රහාර වලදීය.

වාර්තාව අනුව, කාමේනෙයි රුසියානු හමුදා ගුවන් යානයක් මඟින් ප්‍රවාහනය කර ඇති අතර පුටින්ගේ ජනාධිපති මාලිගාවලින් එකකදී ඔහුට “සාර්ථක” ශල්‍යකර්මයක් සිදුකර ඇති බව සඳහන් වේ. Al-Jarida පුවත්පත මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ “ඉරානයේ නව උත්තරීතර නායකයාට සමීප උසස් තනතුරුදාරයෙකු” වෙතින් බව සඳහන් කරයි.

Share This