ඉරානයේ උත්තරතීර නායකයාට පුටින් සුබ පතයි

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මුජ්තබා කමෙයිනි මහතා පත්වීමෙන් පසු ඔහු වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සුබපැතුම් පණිවිඩයේ දී, වර්තමානයේ ඉරානය මුහුණ දී සිටින සන්නද්ධ ගැටුම් හමුවේ රුසියාව සැමවිටම ඉරානයේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කරන බව පුටින් මහතා අවධාරණය කර ඇත.

තවද, තම පියා විසින් ආරම්භ කරන ලද කාර්යයන් මුජ්තබා කමෙයිනි මහතා ගෞරවනීය ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මෙම සුබපැතුම් පණිවිඩය මගින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් බව යළිත් වරක් තහවුරු වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share This