ඉරානයෙන් බහරේන් හෝටලයකට සහ ගොඩනැගිලි දෙකකට දරුණු ප්‍රහාර
ඉරානය මඟින් මනමා අගනුවර හෝටලයක් සහ නේවාසික ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාරයක් දියත් කළ බව බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට දැඩි හානි සිදු වී ඇති බව වැඩි දුරටත් සදහන් වේ.
එසේ වුවත් මෙතෙක් කිසිදු ජිවිත හානියක් සිදු වී නැති බව වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
