ඉම්රාන් ඛාන් වහාම රෝහල්ගත කරන්න. – ප්‍රවීණ ක්‍රිකට් තරු රැසක් පාකිස්තාන රජයෙන් ඉල්ලයි
බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ ක්‍රිකට් තරුවක් වන එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හැකි ඉක්මනින් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි ප්‍රවීණ ක්‍රිකට් තරු රැසක් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත. ඒ පාකිස්තානු බලධාරීන් වෙත ලිපියක් යොමුකරමින්ය. 
සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ක්ලයිව් ලොයිඩ්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චෙපල්, ඉයන් චෙපල්, ජෝන් රයිට් සහ ඩේවිඩ් ගවර් ඇතුළු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ සදහා ඉදිරිපත් වී ඇත.
ඉම්රාන් ඛාන් නායකත්වය ලබාදුන් පාකිස්තානය කණ්ඩායම 1992 දී එරටට සිය ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය ලබා දුන්නේය.
බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය දිනෙන් දින පිරිහී ගොස් ඇතැයිද ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා නගයි. ඉම්රාන්ගේ එක් ඇසක පෙනීම ඉතා වේගවෙයන් පිරිහී යමින් පවතින බව ද පැවැසෙයි.
