ඉන්ධන හිඟයක් පිළිබඳව අනියත බියක් ඇති කර ගන්න එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියයි
ඉන්ධන හිඟයක් පිළිබඳව අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මෙරටට පැමිණි තෙල් නැවක් ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා අවධාරණය කළේ, එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින්, එයින් රටට කිසිදු බලපෑමක් නොමැති බවයි.