ඉන්ධන මෙට්‍රික් ටොන් 36,000ක තොගයක් රැගත් ‘හරි ආනන්ද්’ (Hari Anand) ඉන්දීය නෞකාව අද ( 29) කොළඹ වරායේ ඩොල්පින් ජැටියට ළඟා වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
එම නෞකාවෙන් රැගෙන ආ ඉන්ධන කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයට සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු මේ විට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
එම ඉන්ධන තොගයේ ඩීසල් මෙට්‍රික්ටොන් 18,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු වන බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.

