ඉන්ධන මිල ඉහළට

ACAPMA releases customer facing Fuel Price Facts Poster – ACAPMAg

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව මාර්තු මාසයට අදාල සංශෝධනය අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 277 ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 281 ක්.

රුපියල් 323ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 6කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329ක්.

එමෙන්ම, රුපියල් 292 ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 1 කින් කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු 293 ක්.

තවද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් පැවති 340ක මිලට හා රුපියල් 182 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලද සංශෝධනයකින් තොරව පැවති මිල එලෙසින්ම ක්‍රියාත්මකව පවතිනවා.

Share This