ඉන්ධන මත පනවා ඇති බදු සියල්ල වහාම ඉවත් කරන – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Sajith Premadasa - A win for everyone

ඉන්ධන සඳහා පනවා ඇති සියලු බදු ඉවත් කරන ලෙස විපක්ෂ නායක Sajith Premadasa මහතා අද Parliament of Sri Lanka හිදී ඉල්ලීමක් කළේය.

තෙල් මිල වැඩි කිරීම වෙනුවට අඩු කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම පරණ තොගවලට මිල වැඩි කිරීම වැරදි බව පෙන්වා දුන් ඔහු,

එකතු කළ අගය මත බද්ද (VAT)

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද

නිෂ්පාදන බද්ද

රේගු ආනයන බද්ද

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද

ඇතුළු බදු සියල්ල ඉන්ධන වලින් ඉවත් කළ යුතු බව සඳහන් කළේය.

තවද වත්මන් පාලනය බලයට පත්වූයේ වරායෙන් ගොඩබාන මිලටම ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු වෙමින් බවද ඔහු චෝදනා කළේය.

Share This