ඉන්දුනීසියාවේ 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම්
වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇත.
එරට සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ මාර්තු මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව YouTube, Facebook, TikTok, Instagram, Threads සහ X වැනි සමාජ මාධ්‍යයන්හි ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාවක් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට තවදුරටත් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.
විවිධ වංචා සහගත ක්‍රියාවන්ට ළමුන් හසුවීම හා සමාජ මාධ්‍ය භාවිතයට ඔවුන් දැඩි ලෙස ඇබ්බැහි වීම ආදී බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඉන්දුනීසියානු සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර තිබේ. 
