ඉන්දීය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කටුනායකට

ඉන්දීය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කටුනායකට
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය (ICC Womenzs Cricket World Cup – 2025 ) සඳහා සහභාගී වීමට මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සඳහා එරට රැඳී සිටි ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක මෙරට දී පැවැත්වෙන ඉදිරි තරග සදහා සහභාගී වීම, විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් ඊයේ (01දා) රාත්‍රී 08.35ට ඉන්දියාවේ ගුවාටි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.