ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව – විපක්ෂයේ මන්ත්‍රීවරු එක්වෙයි

ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව දෙරටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් පැවැත්වෙන විශෙෂ සංචාරයට සහභාගි වු අවස්ථාව.
අද පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා මුණගැසී දෙරටේ සංවර්ධන කටයුතු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී ඉන්දිය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල ආයෝජනය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව සකච්චා කෙරිණි.
ඉන් අනතුරුව ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ කතානායකතුමා මුණගැසීමට අවස්ථාව ලැබුණු අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණි.
මෙම සංචාරය අතරතුර ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව මෙන්ම ප්‍රවාහන කටයුතු පිළිබඳ කාරක සභාව ද හමු වූ අතර, එහිදී ඉන්දියාවේ වර්තමාන යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමට අපට හැකි විය. එමෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්රදායයන් සහ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට ද අප කණ්ඩායම එක් විය.
මෙම අවස්ථාවට එස් එම් මරික්කාර් මහතා, ගයන්ත කරුණාතිලක මහතා, නලින් බණ්ඩාර මහතා සහ චතුර ගලප්පත්ත මහතා යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් ද සහභාගි විය.
