ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුදාධිපති හමුවක්

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුදාධිපති හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපාති, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2025 සැප්තැම්බර් මස 22 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත සම්ප්‍රදායානුකූලව යුද හමුදා සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු හට යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දෙනු ලැබීය.
මෙම නිල සංචාරය අතරතුර දෙරට හමුදා ප්‍රධානීන් ද්විපාර්ශවික අන්‍යෝන්‍ය සහයෝගීතාවය, කලාපීය ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සාමය වර්ධනය කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවකද නිරත විය.

Share This