ඉන්දීය – ඇමෙරිකානු සබඳතා ගැන ඉන්දීය ඇමෙරිකානුවන්ගේ කනස්සල්ල

ඉන්දියානු ඇමරිකානුවන් දෙවන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා පිළිබඳව ගැඹුරු කනස්සල්ලක් දක්වන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ 2024 ඔක්තෝබර් මාසයේදී කානගී එන්ඩොව්මන්ට් ෆෝ ඉන්ටර්නැෂනල් පීස් සහ යූගොව් විසිනි. එහිදී ඉන්දියානු-ඇමරිකානු දේශපාලන ආකල්ප පරීක්ෂා කර තිබේ.
පසුගිය වසරේ ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තීරණාත්මක මැතිවරණ දෙකක් පැවැත්විණි. මෙහිදී ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානිට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් චෝදනාවක් සහ ඇමරිකානු භූමියේ දිල්ලි අනුග්‍රහය ලත් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා හේතුවෙන් රටවල් අතර ආතතීන් ඇවිළී ගියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන පහකට අධික ඉන්දියානු සම්භවයක් ඇති පදිංචිකරුවන් සිටිති. සමීක්ෂණයේදී මොවුන්ගෙන් අසන ලද ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් නම්, හිටපු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා හැසිරවීම ඉන්දියානු ඇමරිකානුවන් සලකන්නේ කෙසේද? ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප් වඩා හොඳ විකල්පයක් ලෙස සලකනවාද? 2024 මැතිවරණයෙන් පසු ඉන්දියාවේ ගමන් මග තක්සේරු කරන්නේ කෙසේද? යන්නයි.
සඳුනි තිලකරත්න