ඉන්දියාවේ මුස්ලිම් පල්ලියක් නිසා ප්‍රචණ්ඩ ගැටුම්: පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් පිරිසක් තුවාල ලබයි
සියවස් ගණනක් පැරණි මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම මුස්ලිම් පල්ලිය උතුරු ඉන්දියාවේ සම්බාල් නගරයේ පිහිටා ඇති අතර, ප්‍රචණ්ඩ ගැටුම් නිසා නගරයේ ආරක්ෂාව තර කර , අන්තර්ජාල සේවා අත්හිටුවා ප්‍රදේශයේ පාසල් දිනකට වසා දමා ඇති බව සඳහන්.
16 වැනි සියවසේ ඉදිකරන ලද්දක්වන මෙම ෂාහි ජමා මස්ජිද් මුස්ලිම් පල්ලිය, ආරක්‍ෂිත ස්මාරකයක්.
මෙහි තිබූ පන්සලක් විනාශ කර මෙම ස්ථානයේ මුස්ලිම් පල්ලිය ඉදිකර ඇති බවට පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් වී ඇති අතර එය නිරීක්ෂණය කර වාර්තාවක් සපයන ලෙස ප්‍රාදේශීය අධිකරණයක් විසින් නියෝග කර තිබුණා.
එම උසාවි නිරීක්ෂණ සමීක්ෂණයක් අතරතුර, විරෝධතාකරුවන් සහ පොලීසිය අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් , පාවහන් ආදියෙන් දමාගසා ඇති අතර, පොලීසිය ඔවුන්ට වෙඩි තැබූ බවයි වාර්තා වන්නේ.
නමුත් පොලීසිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන්.
ඉන්දියාව පුරා පිහිටි මුස්ලිම් පල්ලි ආශ්‍රිතව මෙවැනි ආකාරයේ විරෝධතා රැල්ලක් පසුගිය කාලය පුරා ඇති වුණා.