ඉන්දියන් සාගරයේදී IRIS Dena නැවට ගැහුවාට රිටන් එක දෙනවා – ඉරාන හමුදාපතිගෙන් අමෙරිකාවට රතු

Debate Intensifies Over Sinking of Iranian Warship IRIS Dena Near Sri ...

ඉරාන නාවික හමුදාවේ නවීනතම යුද නෞකාවක් වන IRIS Dena ඉන්දියන් සාගරයේදී සිදුකළ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ඉරාන හමුදාපති අමීර් හතාමි තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

යුද අභ්‍යාසයකින් පසු ආපසු යාමේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවත්, සටන් වැදීමකින් තොරව සිටියදී තම නාවිකයින්ට පහරදීම තමන් තරයේ හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය. මෙම ප්‍රහාරයට “නිසි ප්‍රතිචාරයක්” ලබාදෙන බවට ද ඔහු අනතුරු ඇඟවීය.

IRIS Dena නෞකාවේ නම සහ එහි කාර්ය මණ්ඩලයේ දස්කම් ඉරාන නාවික ඉතිහාසයේ සදහටම ධෛර්යයේ සහ කැපවීමේ සංකේත ලෙස රැඳෙනු ඇති බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තම රටේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීමට සහ නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

Share This