ඉදිරි මාස තුනේ විදුලිය මිල වෙනස් නොවේ උපයෝගිතා කොමිසම කියයි

-ශිරාන් රණසිංහ-
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ දමන ලෙසට කළ ඉල්ලීම නොසලකා හරිමින් ඉදිරි මාස තුන තුළ විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහජන උපයෝගිතා කොමිසම (14දා) තීරණය කළේය.
විදුලි ගාස්තු වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකියාවක් නැතැයි ද ඒ අනුව ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බවද කොමිසම කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබූ නිර්දේශවලට අනුව ලංවිම කොටස් හතරකට කඩා සමාගම් ස්ථාපිත කිරීමත් පිරිවැයට ගැළපෙන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවටත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් කොමිසම විදුලි ගාස්තු සංශෝධන නොකිරීමට තීරණය කර ඇත.
විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ දැමීමට අදාළ යෝජනාව ලංවිම ඉකුත් සැප්තැම්බර් කොමිස වෙත ඉදිරිපත් කළ පසු 18 වැනිදා සිට මහජන අදහස් විමසා ඔක්තෝබර් 08 වැනිදා එය අවසන් කෙරිණි.