ඉදිරි දින 03 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක්: මිලිමීටර් 150ක වර්ෂාපතනයක්

ඉදිරි දින 03 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක්: මිලිමීටර් 150ක වර්ෂාපතනයක්

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු-මැදි, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රිකක්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බවයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවැති අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එම පද්ධතිය අද පෙරවරු 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බව සඳහන්.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Share This