ඉතාලියේ නියෝජ්‍ය විදේශ ඇමැති මෙරටට

(ශිරාන් රණසිංහ)
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා පිළිබඳ නියෝජ්‍ය ඇමැති මරියා ටි්‍රපොඩි තෙදින නිල සංචාරයක් සඳහා 03දා මෙරටට පැමිණේ
03දා සිට 05 දක්වා ඇය මෙරට රැඳී සිටින අතර දේශපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇතුළු ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු – විදේශ රැකියා අමාත්‍යංශය කියයි.
1952 සිට ශ්‍රී ලංකා – ඉතාලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර ශ්‍රී ලංකා – ඉතාලි දේශපාලන උපදේශක සමාරම්භක සැසියේ සම සභාපතිත්වය නියෝජ්‍ය ඇමැති මරියා ටි්‍රපොඩි සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්‍ද්‍ර මහතා විසින් හොබවනු ඇත.
ඉතාලි විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ නියෝජ්‍ය ඇමැති මරියා ටි්‍රපොඩි මහත්මිය අගමැති හරිනි අමරසූරිය හා ඇමැති විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.