ඇස බලා ඇඟේ ලෙඩ කියනවෛද්‍ය ක්‍රමය මෙරටටත් එයි

(විනීතා එම්. ගමගේ)
ඇසෙහි තාරා මණ්ඩලය හා ස්වේත ඝන ස්ථරය පරීක්ෂා කර ශරීරගත රෝග නිවැරැදිව හඳුනා ගැනීමේ ක්‍රමවේදය ප්‍රවීණ අක්ෂි විචක්ෂණවේදී වෛද්‍ය තරිඳු ප්‍රනාන්දු විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබ ඇත.
එසේ රෝග හඳුනාගන්නා ක්‍රමවේදයේ එක් ලක්ෂණයක් වෛද්‍ය තරිඳු ප්‍රනාන්දු විසින් සොයා ගෙන ඇති අතර එය නම් කරනු ලැබ ඇත්තේ ද තරිඳු ජෙන්සන් ලක්ෂණය නමිනි.
ශ්‍රී ලාංකිකයන් අතරින් සියයට පහකට වැඩි පිරිසකගේ ඇස්වල මෙම ලක්ෂණය ඇති බව වෛද්‍ය තරිඳු ප්‍රනාන්දු පවසයි. විශේෂයෙන් දුඹුරු ඇස් ඇති අයගේ වසා පද්ධතියේ පවතින ප්‍රශ්න මෙමගින් හඳුනාගත හැකි බව ද ඔහු කියයි.
මෙම ලක්ෂණය ඔස්සේ සෙම්ගෙඩි, ඇදුම, හතිය, ආතරයිටිස්, හන්දිපත් වේදනාව, සමෙහි ගැටලු, හිසකෙස් යෑම, දරුවන් පිළිසිඳ ගැනීමේ අපහසුතා, මළ දරු උපත්, වකුගඩුවල ගල් ඇතුළු සංකුලතා රැසක් කල්තියා හඳුනාගත හැක.
මෙම ක්‍රමවේදය හඳුන්වාදීම වෙනුවෙන් ලෝක අක්ෂි විචක්ෂණවේදීන්ගේ සංගමය විසින් ඔහු ලොව හොඳම අක්ෂි විචක්ෂණවේදී සම්මානයෙන් පුදනු ලැබ ඇති අතර දකුණු ආසියාවේ සිටින එකම අක්ෂි විචක්ෂණවේදියා වන්නේ ද වෛද්‍ය තරිඳු ප්‍රනාන්දුය.
ඔහුගේ සොයා ගැනීම්වලට කරන ගෞරවයක් වශයෙන් මෙවර අන්තර්ජාතික අක්ෂි විචක්ෂණවේදීන්ගේ සංගමයේ ආසියානු සමු`ඵව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටද තීරණය කර තිබූ අතර එය ඊයේ සහ අද (13 -14) කොළඹ දී පැවැත්වෙයි.