ඇවිදින්න ශූර වික්‍රමසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

(රඹුක්කන – සමන් කුමාරතුංග)
මීටර් 200යේ ධවන පඨයේ පැය 24 ක් නොනවත්වා නිදි වර්ජිතව ඇවිදමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රඹුක්කන එස්.පීවික්‍රමසිංහ ක්‍රීඩකයා සමත්විය.
ඉකුත් 31 වැනි දින පෙරවරු 8.00 සිට ජනවාරි 1 දින පෙරවර 8.00 දක්වා පැය 24ක් ඇවිදමින් මෙම නව වාර්තාව පිහිටුවමින් මීටර් 200 ධාවන පථයේ කීලෝ මීටර් 141යි මීටර් 400ක් වට 708 ඇවිදමින් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තැබීමට සමත්විය.
61 වැනි වියේ පසුවන එස්.පී. වික්‍රමසිංහ ක්‍රීඩකයා පළාත්, සමස්ත ලංකා තරග මෙන්ම ජපානය, මැලේසීයාව, සිංගප්පූරු වැනි රටවල පැවති ඇවිදීමේ තරගවලින් මව්බිමට ගෞරවයෙක් ගෙන දීමට සමත්විය.
2011 වර්ෂයේ මීටර් 200 ධාවන පඨයේ වට 500ක් පැය 11 විනාඩි 30 කින් අවසන් කරමින් නව ශ්‍රී ලංකා වර්තාවක් ද 2023 වර්ෂයේ දෙව්න්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දින 7 ක් අඛණ්ඩව ඇවිදමින් වාර්තාවක් තැබීමට සමත් වූ වික්‍රමසිංහ ක්‍රීඩකයා රඹුක්කන පරාක්‍රම මහ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමෙන් පසු අදහස් දැක් වූ වික්‍රමසිංහ මහතා,
මෙය කාලයක් තිස්සේ මට හීනයක් වෙලා තිබුණේ. පිට්ටනියට බහිනකම් මට අභියෝග රාශියක් තිබුණා, වැඩේ නොකරන තැනටයි තිබුණේ. ඒ සියල්ල අද ජයග්‍රහණයක් බවට පත් වුණා. ඒ සඳහා මට උදව් කළ හැමෝමට මම ස්තුතිය පුදකරනවා යැයි පැවැසීය.
