ඇල්ල වැල්ලවායේ බස් අනතුරට හේතුව මෙන්න

මගී ජීවිත දහසයක් බිලි ගනිමින් ඇල්ල – වැල්ලවාගේ පෞද්ගලික බස් රථය ප්රපාතයට පෙරලී ගියේ බස් රථයේ පිටුපස රෝදවල තිරිංග පද්ධතියේ ග්රීස් කාන්දුවක් නිසා යැයි මෝටර් රථ දෙපාර්තමේන්තු පස් පුද්ගල කමිටු වාර්තාවෙන් තහවුරු වී තිබේ.
මගී බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවත් තිරිංගවල ඩ්රම්ස් ගලවා බැලීමේදී ඉදිරි දෙපස සහ පසු පස ඩ්රම්ස්වල පැහැය වෙනස් වී තිබූ බවද පැහැදිලි වී තිබේ.
වංගු සහ කඳු බෑවුම් සහිත මාර්ගයක ධාවනය වන බස් රථයේ රියැදුරු අත්දැකීම් අඩු අයකු බවත් මෙවන් දෝෂ තිබියදී බස් රථය ධාවනය කිරීම නිසා මේ බේදවාචකය සිදු වූ බවද එම කමිටුව පෙන්වා දී ඇත.
ඉකුත් 04 වැනිදා මෙම බස් අනතුර සිදු වූ අතර එම බස් රථය ධාවනය කරමින් සිටි රියැදුරු ඊට පෙර එම බස් රථය ධාවනය කර නැතැයි ද අනාවරණය වී ඇත. මෙම අනතුරෙන් මගීන් 16ක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලැබීය. අදාළ කමිටු වාර්තාව 22දා ප්රවාහන ඇමති බිමල් රත්නායක මහතා වෙත භාරදීම සිදු විය.