ඇල්ලේවැවට වැටී අලියෙක් මරු දකී

ඇල්ලේවැවට වැටී අලියෙක් මරු දකී

(මින්නේරිය – නිශ්ශංක වෙලගෙදර)
පිඹුරත්තැව ඇල්ලේවැව මහදමන ප්‍රදේශයේ දී ඩී ඇළට වැටුණු වන අලියාකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පිඹුරත්තැව වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසයි .
31 වැනි දින අළුත් ඔය පාලම අසලින් ඩී ඇළට වැටුණු වන අලියා බමුණු කොටුව දක්වා ඇළේ පාවී ගිය බවද සුළු වේලාවකින් පසු වන අලියා නොපනී ගිය බව පිඹුරත්තැව වනජීවී කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේය.අවුරුදු 25 පමණ වයසති අඩි 7 පමණ උස වන අලියා ඇළෙන් ගොඩට ගැනීමට වනජිවි නිලධාරින් සහ ගම්වැසියන් උත්සහ කළ ද අලියා ගොඩට ගැනීමට නොහැකි වී තිබේ.
ඇළට වැටී සිටි අලියාගේ ඔලුව තුවාල වී ඇති නිසා අලියා ගොඩගැනීමට කළ උත්සහාය අසාර්ථක වූයේ අලියාට ගොඩට එන්න ශක්තියක් නොමැතිකම නිසා බවද අලියා ඇළෙන් ගොඩට ගැනීමේ මෙහෙයුමේ නිරත වූ වනජීවී නිලධාරියකු පැවැසීය.
මහදමන දියබෙදුම ඇලේ තිබුණ වන අලියාගේ මළ සිරුර වන ජීවී නිලධාරීන් විසින් ඊයේ 1 දින බැකෝ යන්ත්‍රයක් මගින් ගොඩගනු ලැබීය.
අලියාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කලිඳු ආරච්චි මහතා විසින් පවත්වන ලදි .
පිඹුරත්තෑව වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂ පී.ටී.කේ. පෙරේරා, අඩවි සහකාර ඩබ්ලිව්.එස්.ඒ. වික්‍රමරත්න යන මහත්වරුන් විසින් අලියාගේ මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

Share This