ඇල්පිටියේ නිවසකට වෙඩි

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට 05දා රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල ඇති බව ඇල්පිටිය පොලිස් ස්ථානය කියයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කරන අතර මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටී කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බව ද වාර්තා වේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක පළකරන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.