ඇමරිකා ක්‍රිකට් ක්‍රීඩකයකුට තාවකාලික ක්‍රිකට් තහනමක්

ඇමරිකා ක්‍රිකට් ක්‍රීඩකයකුට තාවකාලික ක්‍රිකට් තහනමක්

(ඉෂාර ගයාෂාන්)
ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක ඇරන් ජෝන්ස්ට තරග පාවාදීමේ චෝදනාවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තාවකාලික තරග තහනමක් පනවා ඇත.
ඒ බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස්හි පැවති ලීග් තරගාවලියක තරග පාවා දීමක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී නීති පහක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ චෝදනාව එල්ල වී ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඇරන් ජෝන්ස්ට මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට දින 14ක් ලබා දී ඇත.
31 හැවිරිදි ජෝන්ස් පෙබරවාරි 7 වන දින ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලානයට උප නායකයා ලෙස ඇමරිකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේය.

Share This