ඇමරිකානු ආක්‍රමණ වලින් කිසිදු කාන්තාවක් නිදහස් නෑ
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් සිදුකරන බෝම්බ හෙලීම් හෝ නීතිවිරෝධී ආක්‍රමණයන් මගින් ලොව කිසිදු රටක කාන්තාවන් නිදහස් කර නොමැති බවත් සිරියාව, ඉරාකය, ලෙබනනය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් උදාහරණ ලෙස දක්වමින් මෙම “යටත් විජිතවාදී යුද්ධ” සාධාරණීකරණය කිරීම සඳහා කාන්තා අයිතිවාසිකම් පලිහක් ලෙස භාවිතා කරන බව ස්පාඤ්ඤ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්රීනී අයිරින් මොන්ටෙරෝ ප්‍රකාශ කලා.
සැබෑ කාන්තා නිදහස උදා විය යුත්තේ බාහිරින් එල්ල කරන බෝම්බවලින් නොවන බවත් ඒ ඒ සමාජයන් තුළින්ම පැන නගින අභ්‍යන්තර දේශපාලනික වෙනස්කම් තුළින් බව ඇය පැවසුවා.
