ඇප ඉල්ලීම ප්රතික්ෂේපයි – සජින් වාස් යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 243.8කට අධික නීතිවිරෝධි වත්කම් සම්බන්ධ චෝදනා මත සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත් සිද්ධියට අදාළව ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද (24) ප්රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සැකකරු මෙම මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අසංග එස් බෝදරගම මහතා විසින් වන අතර, අල්ලස් කොමිසම නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
