ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ ශ්‍රී ලංකාව සිවු වැනි තැනට

ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ ශ්‍රී ලංකාව සිවු වැනි තැනට

2025 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ පළමු අදියරේ තෙවැනි ස්ථානය සඳහා චීනය සමග පැවති තරගය තියුණු තරගයකින් 22-17ක් ලෙස පරාජයට පත් වී සිවු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළේය. පළමු වටයේදී බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වැදුනහ. එහිදී තායිලන්තය සහ සිංගප්පූරුව සමග පැවැති තරග ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ජපානය සමග පැවැති තරගය පරාජය වීමට සිදු විය.
ඒ අනුව බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට තේරී පත් විය. අවසන් පූර්ව වටයේදී හොංකොං සමග පැවති තරගය 33-0ක් ලෙස පරාජයට වීමට සිදු විය.
2025 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවැනි අදියර ඔක්තෝබර් මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Share This