ආසියානු ක්‍රීඩා උළෙලෙදී පදක්කම් දිනූ චතුරට පාසලෙන් උපහාර

(මාතලේ – හේවා පී. කරුණාරත්න)
බහරේන් රාජ්‍යයේ පැවැති යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් මාතලේ යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලයේ චතුර ජයතිස්ස ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයේදී පැවැත්වීය.
මාතලේ නගරයේ අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට සිට චතුර ජයතිස්ස ක්‍රීඩකයා පිළිගෙන රථ පෙළපාලියකින් යටවත්ත නගරය හරහා’ විද්‍යාලය වෙත කැදවා ගෙන ගොස් පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සවය පැවැත්විණ.
