ආසියාවේ ශ්රී ලංකා නම රැන්දු පොලිස් කෙල්ලට උපහාර
(දඹුල්ල – චමින්ද නවරත්න)
2025.11.07 දින ඉන්දියාවේ පැවති ප්රවීණයන්ගේ ආසියාතික මලල ක්රීඩා උළෙලේ කිලෝමීටර් පහක් ඇවිදීම තරගයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂනි කුමාරි මහත්මිය තුන්වැනි ස්ථානය ලබා ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබෙනවා. එම ජයග්ග්රහණය වෙනුවෙන් ඇය හට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ප්රමුක දඹුල්ල පොලිස් ස්ථානයේ ඇයගේ සහෝදර නිලධාරීන් උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණා.
ඇය 2023 පිලිපීනයේ පැවැති මෙම තරග ඉසව්වේන් රන් පදක්කමද ලැබූ ක්රීඩිකාවක් වීමද විශේෂත්වයක්. තරගයෙන් රන්පදක්කම ඉරාන ක්රීඩිකාව ලබාගත් අතර රිදී පදක්කම කසගස්ථාන ක්රීඩිකාව සතුකර ගත්තා.
