ආරාධනා කළොත් එජාප සමුළුවට යනවා නාමල් කියයි

ආරාධනා කළොත් එජාප සමුළුවට යනවා නාමල් කියයි

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
එක්සත් ජාතික පක්‍ෂයේ 79 වැනි සංවත්සරය සඳහා ආරාධනාවක් ලැබුණොත් ඊට සහභාගි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා කියයි.
මෙතෙක් ඒ සඳහා නිල වශයෙන් ආරාධනාවක් ලැබී නැතැයි ද ඒ මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයේ 79 වැනි සංවත්සරය ලබන 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Share This