ආර්ථික කටයුතු යථාවත් කිරිම සඳහා අධීක්ෂන කමිටු හතරක්

බලශක්ති, රාජ්‍ය සේවා හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම අරමුණයි.

මැද පෙරදිග යුධ තත්වය මත මෙරට ආර්ථිකයට බලපාන අනපේක්ෂිත අවදානම් සම්බන්ධයෙන් කඩිනම් හා ප්‍රගතිශීලි පියවරයන් ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු හතරක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. ඒ අනුව රාජ්‍ය සේවා කුමානුකූලව කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්ද, බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව විජිත හේරත් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්ද, සමාජ සුබසාධන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපාලි පන්නිලගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අධීක්ෂණයට බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ද ලෙස කමිටු හතරක් පත්කරයි. වෙළඳපොළ තත්වයන් ස්ථාවර කිරීම සහ පුරවැසියන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සුරක්ෂිත කිරිමට කාලෝචිත මැදිහත් වීම් කඩිනමින් සිදු කිරීම මෙම කමිටු පත් කිරිමේ අරමුණය.

Share This