ආයුධ සොයාගත නොහැකි වේවි යැයි සෙලෙන්ස්කි බයවෙලා

පවතින යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ.

 යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තම රට වෙත ඇති  අවධානය පවතින මැදපෙරදිග ගැටුම් හේතුවෙන් වෙනතකට යොමු විය හැකි අවදානමක් ඇති බවත් එය රුසියාවේ  ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බව ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත.

ඉරාන අර්බුදය සීමිත කාලයක් පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share This