ආපදා මරණ සංඛ්‍යාව 18 දක්වා ඉහළට

ආපදා මරණ සංඛ්‍යාව 18 දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති ආපද තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනකාරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කුරුණෑගල හෙට්ටිපොල ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බවයි.

45 හැවිරිදි එම පිරිමි පුද්ගලයාගේ සිරුර ඇලක බෝක්කුවක සිරවී තිබියදී  අද (02) සොයාගෙන ඇති බව සඳහන්.

අනනතුරුව සිදු කළ මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ, එය දියේ ගිලී සිදු වූ මරණයක් ලෙසටයි.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 139,500කට අයත් පුද්ගලයින් 470,094ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනකාරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This