ආපදා මරණ ඉහළට: පුද්ගලයින් හාරලක්ෂ 41,590කට බලපෑම්
දිවයිනේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 13ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 2,096ක්.