ආපදාවෙන් ජල සම්පාදනේ පාඩුව කෝටි 500ක්

(විනීතා එම්. ගමගේ)
දිවයින පුරා පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 500ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.
මේ වනවිට හානියට පත් වූ ජල සැපයුම්වලින් 90%ක් යථා තත්ත්වයට පත් කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.
පසුගියදා සිදුවූ ආපදා හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ජලය ලබාගන්නා පාරිභෝගිකයින් 35500කගේ පමණ ජල සම්බන්ධතා විසන්ධි විය.
මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි පවතින ජලයෝජනා ක්‍රමයන්හි මේ වනවිටත් අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් එය ද මේ සතිය ඇතුළත අවසන් කළ’හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
