ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන ඇන හිටලා
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන දුරකතන වාර්තා නොමැතිකම හේතුවෙන් නතර වී ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවේය, “දැන් ඉතින් අල්ලයි තාජුදීන්‌ගේ වලිගේ” යැයිද ඔහු ප්‍රකාශ කළේය. දුරකථන එක්ක සම්බන්ධ වුණු අපරාධ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා දේශපාලන ඝාතන 2019 අගෝස්තු මාසයට පෙර ගත්තු සිම් කාඩ් ලියාපදිංචි කරන්න කියලා ගැසට් එකක් ගහලා. සමාගම්වල තොරතුරු නැතිලු. මොකද නීති කටයුතු යන්න බැහැලු. අපරාධ කරපු අය ඇවිල්ල රෙජිස්ටර් වේවිද. මෙන්න අල්ලපන් කියලා. මොකක්ද මේ කරන විහිලුව. කාගේ වුවමනාවටද මේ ගැසට්ටුව ගැහුවේ මේක බරපතළ වරදක්. දුරකථන සමාගම්වලට වගකීමෙන් ගැලවෙන අවස්ථාව මේ ගැසට්ටුවෙන් ලැබිලා තියෙනවා. අද සිම් කාඩ් විස්තර නැති නිසා ලසන්තගේ ඝාතන නඩුව නතර වෙලා. තාජුදීන් ඝාතනය දුරකථන ගැටලුව නිසා නතර වෙලා ඒ සිද්ධිය වුණු දවසේ අරලියගහ මන්දිරයේ ඉඳලා නාරාහෙන්පිට පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුම් හැට ගණනක් ගිහින් තිබුණා. දැන් ඒක හොයාගන්න විදිහක් නැහැ. “ඉතින් තාජුදීන් අල්ලනවද අල්ලයි වලිගේ” ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය බලන්න ඒ දුරක
ථන වාර්තාවත් නැහැ. සිවරාම් සිද්ධියටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයමයි. ඔහු වැඩිදුරටත් පැවසීය.
