ආදර්ශ සාම්පල ලබාගැනීමෙන් පසු සෙසු මත්ද්‍රව්‍ය විනාශ කිරිමට නීති
අන්තරායකර ඖෂධ ආඥාපතනත් සංශෝධනයට
අත්අඩංගුවට ගත් අන්තරායකර ඖෂධ හා මත්ද්‍රව්‍ය බැහැර කිරම සඳහා එකී ක්‍රියාපටිපාටිය ඇතුළත්ව විෂ වරග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
අත්අඩංගුවට ගනු ලබන අන්තරායකර ඖෂධ හෝ මත්ද්‍රව්‍යයන්හි ආදර්ශක සාම්පලයක් පමණක් රඳවා ගැනීමෙන් අනතුරුව නඩ ව්ිභාගය අවසන් වීමට පෙර අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට හැකි වන පරිදි මෙම පනත සංශෝධනය කිරිමට පසුගිය ජනාරි 12 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව සකස් කරන ලද පනත් කෙටුම්පත නීති කෙටුම්පත බාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමට සම්පාදකට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
