ආණමඩුව ප්‍රා සභාවේ හිටපු පොහොට්ටු සභාපති අත්අඩංගුවට

ආණමඩුව ප්‍රා සභාවේ හිටපු පොහොට්ටු සභාපති අත්අඩංගුවට

-සෙනාෂ් කොළවත්ත-
ආණමඩුව පොලිසිය  (15දා) මහ රෑ බීමත්ව පැමිණ කලහකාරී ලෙස හැසුරන බව කියන ආණමඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායක හා ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුසංඛ පෙරේරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ආණමඩුව පොලිසිය පැමිණ පොලිසිය පරිශ්‍රයේ සිට ඔහු පැමිණ වාහනය අධික ශබ්දයක් නගමින් පණ ගන්වා ඇති අතර එසේ සිදු නොකරන ලෙස පොලිස් නිලධාරින් දැනුම් දුන් පසු පොලිස් නිලධාරින්ටද පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිසිය පවසයි.
මොහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බව පෙනී යාමත්, කලහකාරී ලෙස හැසිරීමත් යන කරුණ මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ආණමඩුව හිපු ප්‍රාදේශීය සභා සභාපති අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share This