ආගමන හා විගමනයේ ඔන්ලයින් වීසා නිකුත්ව හොර පාරේ

(විනීතා එම්. ගමගේ)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීම නොමග යැවීම් හා ව්‍යාජ තොරතුරු සහිතව සිදු කර ඇතැයි එම ක්‍රමවේදය සම්බන්ධව සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරමින් ජාතික විගණන කාර්යාලය කියයි.
දින 13ක් පමණක් පැවැති එම ක්‍රමවේදයේදී අදාළ පෞද්ගලික සමාගම එකතු කර ගත් මුදල කොපමණද යන්න පවා දන්වා නැති බවත් එම ආදායම්වලින් වැට් සියයට 18 ක් හා භාණ්ඩ හා සේවා බදු සියයට 2.5ක් වශයෙන් රජයට අයවිය යුතු සියයට 20.5ක බදු මුදල් කිසිවක් ගෙවා නැතැයි ද ඒ අනුව රජයට අයවිය යුතු ඩොලර් බිලියන 1.5ක මුදලක් අහිමි වී ඇතැයි ද එම වාර්තාව කියයි.
එමෙන්ම මෙම ක්‍රමවේදය අදාළ සමාගමට ලබා දීමට අනවශ්‍ය කඩිනම් කිරීමක් එවකට සිටි ආගමන විගමන බලධාරින්ට තිබු බව ද එම කඩිනම්භාවය හේතුවෙන් එකී මාර්ගගත ක්‍රමවේදය ආරම්භ කිරීමේදී නීතිමය කරුණු රැසක් උල්ලංඝනය වී ඇතැයි ද එහි සඳහන්ව ඇත.
මෙම ක්‍රමවේදය වැරදි බවට සඳහන් කරමින් විවේචනය කළ මුදල් අමාත්‍යංශ අධ්‍යක්ෂවරයාගේ ලිපිය ප්‍රසම්පාදන කටයුතුවලදී ඉදිරිපත් කර නැති බව ද අදාළ විගණනය සඳහා එම දෙපාර්තමේන්තුව අවශ්‍ය දත්ත ලබා දී නැතැයි ද ඒ හේතුවෙන් විගණන පරික්ෂාවට බාධා පැමිණ ඇතැයි ද ජාතික විගණන කාර්යාලය එම විශේෂ විගමන වාර්තාව නිකුත් කරමින් කියා සිටී.
