අසේලපුර දරුවෙක් ට්‍රැක්ටරයකට බිලී

මින්නේරිය – නිශ්ශංක වෙලගෙදර)
වැලිකන්ද අසේල පුර ප්‍රදේශයේ 8 වෙනි දින සවස 6 පමණ ට්‍රැක්ටරයකට යට වීමෙන් අවුරුදු 8 පමණ වයැසති දරුවෙක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
රිය අනතුරින් මියගොස් ඇත්තේ අසේලපුර’ ප්‍රදේශයේ පදිංචි මදිස පවිත්‍ර නැමැති අට හැවිරිදි දරුවෙකි.
ත්‍රිරෝද රථයකින් ගමන් ගත් මදිෂ පවිත්‍ර’ අසේලපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නැවතු අවස්ථාවේ මාර්ගයේ මාරු වීම සඳහා ගමන් ගනිද්දී පිටුපසින් පැමිණිි ටැක්ටරයට යටව් බරපතළ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මදිෂ පවිත්‍රගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ වැලිකන්ද රෝහලේ දි පැවැත් විමට නියමිතව තිබුණි. වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ජී.ජේ. කුමාර සිංහ මහතා ගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රිය අනතුරු පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
රිය අනතුරු සිදු කළ ට්‍රැක්ටරය සමග රියැදුරු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
