අස්වැසුම මුදල් හෙට බැංකුවට

අස්වැසුම මුදල්  හෙට බැංකුවට

(අම්පේගම උපුල් මහේෂ්)
2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව හෙට (12දා) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කරන්නේ මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවය.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි අස්වැසුම දීමනාව ලබාගත හැකිය.

Share This