අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළට
අස්වැසුම සුබසාධන ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හදුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, දුප්පත් පවුල් සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්රතිලාභ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත්,
අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා රුපියල් 10,000 සිට රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.
එමෙන්ම සංක්‍රාන්ති සමාජ කාණ්ඩ සඳහා ප්රතිලාභ ගෙවන කාල සීමාව 2025 මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කර ඇති අතර, අවදානමට ලක් වූ සමාජ කාණ්ඩ සඳහා එම කාල සීමාව 2025 දෙසැම්බර් 31 වන දා දක්වා සේ දීර්ඝ කර තිබෙනවා.
මෙම සංශෝධිත අස්වැසුම සුභසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.