අස්වැසුම අභියාචනා ඔන්ලයින් වීමෙන් ජනතාවට දැඩි පීඩා

අස්වැසුම අභියාචනා ඔන්ලයින් වීමෙන් ජනතාවට දැඩි පීඩා

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)

රජය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙනු ලබන අස්වැසුම සහනාධාර ක්‍රමයට අදාළව මෙම දිනවල එහි නැවත අභියාචනා කැඳවීම සිදුවන අතර එම කටයුතු සියල්ල ඔන්ලයින් ක්‍රමය හරහා සිදුවන නිසා එම තාක්ෂණික ක්‍රම ගැන අඩු දැනුවත්භාවයක් නැති ගාල්ල දිස්ත්‍රික්කයේ වතු දෙමළ ජනතාව සහ අඩු ආදායම්ලාන්භීන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව එම පිරිස් පවසයි.
දැනට වසර කිහිපයකට පෙර සිට මෙම අස්වැසුම සහනාධාර ක්‍රමය අඩු ආදායම්ලාන්භීන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන අතර රජය මගින් නැවතත් මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන පිරිස් සඳහා අභියාචනා ඉදිරිපත් කරන ලෙස මෙම දිනවල දැනුම්දී ඇත.
ඒ අනුව මෙම වැඩසටහනට අදාළව අභියාචනා ඉදිරිපත් කළ යුතු අතර නමුත් මෙම කටයුතු ඔන්ලයින් තාක්ෂණය හරහා පමණක් සිදු කිරීමට ඇති නිසා ඊට අදාළ තාක්ෂණික දැනුම වතු ආශ්‍රිතව ජීවත් වන දෙමළ ජනතාවට සහ අඩුආදායම් ලබන අනිකුත් ජනතාව නොමැති නිසා මෙම අභියාචනා දැමීමේ කටයුතුවලදී ගැටලු රැසකට’මුහුණ දීමට සිදුවී ඇති බව එම පිරිස් පවසති.
පීඩාවට පත් පිරිස් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම අභියාචනා ක්‍රමය මීට වඩා සරල ලෙස සිදුකිරීමට කටයුතු කරන ලෙසයි.

Share This