අසභ්‍ය දේවල් ඉවත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ගේන්න

අසභ්‍ය දේවල් ඉවත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ගේන්න

(නිමල් දයාරත්න)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රටේ ලක්ෂ සංඛ්‍යාත මවුපියන් දරුවන්ට 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියද, රජය එය කල්දැමීම නිසා බලාපොරොත්තු සුන්වී ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ප්‍රවීණයන් සිටින බවත්, මේ අය සමග සාකච්ඡා කර ප්‍රගතිශීලී තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරන අතර විමධිත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීමටද ඒ සඳහා සහයෝගය ලබා දීමට කැමැති බවද විපක්ෂ නායකවරයා පවසයි.

Share This