අවුරුදු සමයේ සමාජ මාධ්‍ය භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය සමඟ සමාජ මාධ්‍ය භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට පොලිසිය මහජනතාවට අවධානය යොමු කරයි.

විශේෂයෙන්ම නිවාඩු කාලය තුළ ගමන් බිමන් අතරතුර ලබාගන්නා ඡායාරූප හා වීඩියෝ වහාම සමාජ මාධ්‍ය වෙත බෙදාහැරීමෙන් වළකින්නැයි ඔවුන් උපදෙස් දෙයි. එවැනි දේවල් බෙදාගැනීමෙන් තමන් නිවසේ නොමැති බව අනාවරණය වන බැවින්, එය සොරකම් සඳහා අවස්ථාවක් බවට පත්විය හැකි බවද පොලිසිය පෙන්වා දෙයි.

ඒ වෙනුවට, තම ගමන් අත්දැකීම් නිවසට ආපසු පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා බෙදාගැනීම වඩාත් ආරක්ෂිත ක්‍රියාවක් බවද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

Share This