අලුත් තීරු බද්දෙන් අල සහ ලූනු ආනයනය පහළ බසී

-ශිරාන් රණසිංහ-
ලූනු සඳහා රුපියල් 50ක් දක්වාත් අල සඳහා රුපියල් 80ක් දක්වා තීරු බදු පැනවීමට රජය ගත් පියවරත් සමග ආනයනය කරන අල සහ ලූනු ප්‍රමාණයන් විශාල ලෙස පහළ ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ වන විට තොග වෙළෙඳපොළේ ආනයනික ලූනු කිලෝවක් රුපියල් 130ත් 140ත් අතර මිලකට අලෙවි වන අතර අල කිලෝවක තොග මිල රුපියල් 170ත් 175ත් දක්වා වැඩි වී ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් දේශීය අල හා ලූනු ගොවින්ට ඔවුන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොමැතිකම නිසා ඒ අය අසරණව සිටින බවද ගොවි සංගම් නියෝජිතයෝ පවසති.
