අල්ලස් කොමි­සම ගෝඨා­ගෙන් පැය දෙක­හ­මා­රක් ප්‍රශ්න කරයි

කොළ­ඹට ආසන්න ප්‍රදේ­ශ­යක පිහිටි රජයේ නිවාස සංකී­ර්ණ­යක නිවාස ඒකක කිහි­ප­යක් පුද්ග­ල­යන් පිරි­ස­කට වෙන් කිරීම සඳහා නීති­වි­රෝධී ලෙස නිර්දේශ කිරීම සහ ලිපි නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව ඊයේ (17) ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබෙනවා.

අල්ලස් කොමි­සම හමුවේ පෙර­වරු 8.30ට පමණ පෙනී සිටි ගෝඨා­භට රාජ­පක්ෂ මහ­තා­ගෙන් පෙර­වරු 9.00 සිට පැය දෙක­හ­මා­රක පමණ කාල­යක් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ. මෙම සිදු­වීම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ සමයේ සිදු­වූ­වක් බව වැඩිදුරටත් සදහන් වෙනවා.

Share This