අයි.පී.එල්. වෙන්දේසිය තෙවැනි වරටත් විදෙස් රටක

(ඉෂාර ගයාෂාන්)
2026 අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වීමට නියමිත බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත. විදෙස් රටක අයි.පී.එල්. වෙන්දේසිය පැවැත්වෙන්නේ තෙවැනි වරටයි.
අයි.පී.එල්. කණ්ඩායම් විසින් සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට නියමිත ක්‍රීඩක ලැයිස්තුව 15 වැනිදාට පෙර ප්‍රකාශ කළ යුතුය. 2026 වර්ෂයේ ඉන්දීයන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 15 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
